Baadshaho (2017)

            Baadshaho (2017) 


ගීතාංජලී දේවි!
රාජස්ථානය සිය රාජධානිය කරගත් රාජ්පුත් රාජ පරම්පරාවේ වර්තමාන අවසාන පුරුක…
මහා රැජිණ වුනත්, වෙන්න දෙයක් තියෙනවා නම් ඒක වළක්වන්න බැහැ…
ඇයගේ දෛවය ඇයට කුරිරු වුණා…
රජය විසින් ඒකාධිපති පාලනයක් ආරම්භ කරනු ලැබුවා.
රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවා.
රට වැසියන් හේතුවක් රහිතවම සිරගත කරනු ලැබුවා.
මේ ඒකාධිපති පාලනය රාජ්පුත් වංශයේ ගීතාංජලී දේවිය දෙසත් සිය උකුසු ඇස යොමු කරනු ලැබුවා…
රජය ඇයට විරුද්ධව සිය බලතල යොදවා,
ඇයව දණින් වැට්ටුවා…
අභූත චෝදනාවක් නගමින්,
ඇය සතු රත්‍රන් නිධානයක් රජයට පවරා ගත්තා.
එතනින් නැවතුනේ නැහැ…
ඇයව සිරගත කරනු ලැබුවා.
රැජිණක් වුනත් ඇයත් ගැහැණියක්!
ඒකාධිපති පාලනයකට එරෙහිව සියුමැලි ගැහැණියක් කුමක් කරන්නද?
නමුත්, නොසිතූ විරූ පරිද්දෙන් රජයට එදිරිව කුණාටුවක් හැමුවා…
කුඩා කාලයේ පටන්ම රජ මැදුරේ හැදී වැඩුණු,
සිය පක්ෂපාතීත්වය ලෙයින් සලකුණු කරන ලද,
ගීතාංජලී දේවියගේ පෞද්ගලික ආරක්ෂකයා,
“භවානි සිං”
සිය රැජිණ වෙනුවෙන් රජයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනු ලැබුවා.
රාජස්තානයේ සිට දිල්ලිය දක්වා, 
පැය අටක ගමනකින් රත්‍රන් ප්‍රවාහන කිරීමක්…
රත්‍රන් ප්‍රවාහන කිරීම සඳහා කිසිසේත්ම බිඳිය නොහැකි, 
කුඩා හමුදාවක් හා සමාන වන්නා වූ,
බංකරයක් බඳු ආරක්ෂාවකින් සමන්විත සන්නාහ සන්නද්ධ ට්‍රක් රථයක්.
ගමනේ ආරක්ෂාව සඳහා යුධ හමුදාවේ නියතු, සටනේ සහ උපායේ අති දක්ෂ මේජර් වරයෙක්,
සියලු අභියෝග ජයගනිමින්,
සිය මහ රැජිණට අයත් වන්නා වූ රත්‍රන් යලි ලබාගැනීමට වෙර දරණ,
විශ්වාසවන්ත “භවානි සිං” ප්‍රමුඛ කණ්ඩායමක්…
කුමකින් කුමක් වේවිද…?

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
Torrent File එක මෙතනින් බාගන්න

Comments

Popular posts from this blog

Nene Raju Nene Mantri (2017)

Baywatch 2017