Posts

Showing posts from November, 2017

The Foreigner (2017)

Image
                        The Foreigner (2017) 2017 වර්ෂයේ තිරගත ආරම්භ කරපු මේ චිත්‍රපටය නම් කරලා තියෙන්නේ – The Foreigner – නමිනි. Action, Drama, Thriller ගණයට අයත් වන මෙම සිනමා නිර්මාණය IMDb 7.3ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. ඒවගේම ධාවන කාලය පැය 1යි මිනි.53ක් ලෙස තමා සඳහන් වෙන්නේ.. චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වන නළු නිළියන් මෙසේය. Cast  Katie Leung as Fan. Jackie Chan as Quan Ngoc Minh. Rufus Jones as Ian Wood. Mark Tandy as Simpson. Pierce Brosnan as Liam Hennessy. Charlie Murphy as Maggie/Sara Mckay. Orla Brady as Mary Hennessy. කතාව කෙටියෙන්ම කියන්නකෝ. බෝම්බ ප්‍රහාරයක් නිසා ජැකී චෑන්ට එයාගේ දුවව නැතිවෙනවා. “කතාවේ හැටියට ජැකී චෑන්ගේ නම කුවෑන්”. ඉතින් මේ අපරාධය කළේ කවුද කියලා හොයාගෙන යන සිද්ධියක් තමා තියෙන්නේ. කෙටියෙන්ම ඔහොම තමා කියන්න තියෙන්නේ. මං මෙහෙම එක වාක්‍යකින් ෆිල්ම් එක කිව්වා කියලා වැඩක් නෑ කියලා හිතන්න එපා. තව කියන්න ගත්තොත් ලිපිය දිග්වෙනවා. ඒකයි. ඔයාලම බලන්නකෝ ෆිල්ම් එක කොහොමද කියලා. ...

Valerian and the City of a Thousand Planets (2017)

Image
      Valerian and the City of a Thousand                                Planets (2017)  කතාව ආරම්භ වෙන්නේ පෘථිවි වර්ශ වලින් 28 වෙනි ශතවර්ශයේ සිට. අද අපි දන්නා අභ්‍යවකාශ මධ්‍යස්ථානයන් සංකීර්ණ බවට පත්වෙලා, පසුව ජාතීන් වශයෙන් ඒ සියලුම අභ්‍යවකාශ මධ්‍යස්ථානයන් එකිනෙකට එකතු කොට තමයි ඇල්ෆා කියන සුවිශාල අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අඩිතාලම නිර්මාණය වෙන්නේ. මෙමගින් අභ්‍යවකාශයේ සිටම අභ්‍යවකාශයේ එපිට ඈත ග්‍රහ වස්තූන් නිරීක්ශණය වගේම අභ්‍යවකාශ යාත්‍රාවන් නවතා තැබීම, ඉන්ධන පිරවීම, පිලිසකර කිරීම් වැනි දේවල් තමයි මෙතනින් සිදු කෙරුනේ. ඒ වගේම පෘථිවියේ සිට අභ්‍යවකාශයට ගවේශණ යානාවන් දියත් කිරීමට වඩා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ගවේශණ යානා දියත් කිරීම ඉතාමත් ආරක්ශාකාරී වගේම ලාභදායි දෙයක් බවට පත් වුනා. නමුත් කෙමෙන් කෙමෙන් අවකාශයේ ගවේශිත කොටස් පුලුල් වීමත් සමග මන්දාකිණියේ වෙසෙන තව තවත් ජීවීන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයත් සමග සහයෝගිත්වයෙන් යුක්තව ඒකාබද්ධ වෙනවා. මේ ආකාරයෙන් එකට ඒකාබද්ධ වුනු අභ්‍යවකාශ මධ්‍යස්ථානය ජී...