Valerian and the City of a Thousand Planets (2017)
Valerian and the City of a Thousand Planets (2017)
කතාව ආරම්භ වෙන්නේ පෘථිවි වර්ශ වලින් 28 වෙනි ශතවර්ශයේ සිට. අද අපි දන්නා අභ්‍යවකාශ මධ්‍යස්ථානයන් සංකීර්ණ බවට පත්වෙලා, පසුව ජාතීන් වශයෙන් ඒ සියලුම අභ්‍යවකාශ මධ්‍යස්ථානයන් එකිනෙකට එකතු කොට තමයි ඇල්ෆා කියන සුවිශාල අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අඩිතාලම නිර්මාණය වෙන්නේ. මෙමගින් අභ්‍යවකාශයේ සිටම අභ්‍යවකාශයේ එපිට ඈත ග්‍රහ වස්තූන් නිරීක්ශණය වගේම අභ්‍යවකාශ යාත්‍රාවන් නවතා තැබීම, ඉන්ධන පිරවීම, පිලිසකර කිරීම් වැනි දේවල් තමයි මෙතනින් සිදු කෙරුනේ. ඒ වගේම පෘථිවියේ සිට අභ්‍යවකාශයට ගවේශණ යානාවන් දියත් කිරීමට වඩා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ගවේශණ යානා දියත් කිරීම ඉතාමත් ආරක්ශාකාරී වගේම ලාභදායි දෙයක් බවට පත් වුනා. නමුත් කෙමෙන් කෙමෙන් අවකාශයේ ගවේශිත කොටස් පුලුල් වීමත් සමග මන්දාකිණියේ වෙසෙන තව තවත් ජීවීන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයත් සමග සහයෝගිත්වයෙන් යුක්තව ඒකාබද්ධ වෙනවා. මේ ආකාරයෙන් එකට ඒකාබද්ධ වුනු අභ්‍යවකාශ මධ්‍යස්ථානය ජීවීන් වර්ග දහස් ගණනක් ජීවත් වන්නා වූ අභ්‍යවකාශ කොලනියක් බවට පත් වෙනවා. මෙය තමයි ඇල්ෆා නමින් හඳුන් වන්නට යෙදුනේ.
ඇල්ෆා වල ජීවීන් හුදෙක්ම පෘථිවි වාසීන් නොවුනත් ඇල්ෆා ස්ටේශන් එක පිහිටන්නේ පෘථීවි ගුරුත්වය කේන්ද්‍ර කොටගෙනයි. නමුත් විශ්වය වටා සිටින ජීවින් ප්‍රමාණය වසරක් පාසා වැඩි වෙන නිසාත්. එමෙන්ම ඇල්ෆා ස්ටේශමත් දිගින් දිගටම වර්ධනය වෙන නිසාත්, ඇල්ෆා ස්ටේශමේ ස්කන්ධය සහ බර ප්‍රමාණය පෘථිවි ගුරුත්වය හමුවේ පෘථිවියට අනාගත තර්ජනයක් බවට පෘථිවි බලධාරීන් විසින් ප්‍රකාශ කොට සිටිනවා. මේ හේතුවෙන් ඇල්ෆා ස්ටේශම පෘථිවි කක්ශයෙන් මුදා හැර නිදහස් අවකාශයට තල්ලු කොට දමනවා.
කතාවේ ආරම්භය සිදු වන්නේ ඇල්ෆා ස්ටේශන් එක පෘථීවි කක්ශයෙන් මිදී වසර 400ත් පමණ ගතවූ පසුවයි. මේ වන විට ඇල්ෆා යනු අභ්‍යවකාශයේ දැවැන්ත සංකීර්ණයක්. එමෙන්ම එකිනෙකට වෙනස් ජීවීන් තමුන්ගේ හැකියාවන් අවශ්‍ය ක්ශේත්‍රයන් කෙරෙහි යොදවමින් ඇල්ෆා වෙනුවෙන් තමුන්ගේ කොටස ඉශ්ඨ සිද්ධ කරනවා. මේ ආකාරයට මනුශ්‍යයින් හට පැවරී තිබෙන රාජකාරිය වනුයේ එකිනෙකට වෙනස් ජීවීන් වෙසෙන ඇල්ෆා ස්ටේශන් එකෙහි පාලනය සමූහාණ්ඩුවක් ලෙස පවත්වාගෙන යෑමයි. එමෙන්ම බාහිර තර්ජනයන් ගෙන් ඇල්ෆාව සහ එහි වෙසෙන ජීවීන් ආරක්ශා කර ගැනීමයි. මේ වෙනුවෙන් මන්දාකිණිය පුරාවටම සාමය පවත්වාගෙන යෑම සඳහා විශේෂිත පොලිස් බලකායක් නිර්මාණය කරනු ලබනවා. මේ කතාවට පාදක වන්නා වූ කතා නායකයා සහ නායිකාව මෙම බලධාරීන් වෙනුවෙන් සේවය කරන සෙබලුන් දෙදෙනෙක්.
මොවුන්ට පෘථිවිය කේන්ද්‍ර කරගත් පාලන මධ්‍යස්ථානයේ අමාත්‍ය තුමා විසින් ලැබෙන අණක් අනුව ඇල්ෆා වෙතට ඇල්ෆා වෙතින් සොරකම් කරන්නට යෙදුනු ම්‍යූල් පරිවර්ථකයෙක් නම් සත්වයෙක් නැවත ලබා ගැනීමට සිදු වෙනවා. මෙහිදී දිගින් දිගටම මොවුන්ට අකරතැබ්බයන් වලට මුහුණ පාන්නට සිදු වෙන අතර, මෙම සත්වයා මුලු විශ්වයටම ජීවත් වන්නා වූ අවසාන සත්වයාද වනවා. මේ සත්වයාගේ ඇති විශේෂත්වය වනුනේ, ඕනෑම මූලද්‍රව්‍යක් ජීර්ණය කොට එකෙනෙහිම ජීර්ණය කරන්නට යෙදුනු මූල ද්‍රව්‍යන් හෝ අමු ද්‍රව්‍යන් නැවත ලබා දීමට ඇති හැකියාවයි. නමුත් සමූහාණ්ඩුවේ බලධරයෙකුගේ ක්‍රියා කලාපයක් නිසා ම්‍යුල් නම් ග්‍රහලෝකය විනාශයට පත් වෙනවා. එහි අහිංසකව සාමාකාමීව ජීවත් වුනු පර්ල් නම් ජීවීන් කිහිප පිරිසකට පමණක් මෙහිදී ලෝක විනාශයෙන් පණ බේරාගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් එහි අධිරාජ්‍යයාගේ දුවගේ ආත්මය ඒ විනාශයත් සමග කතා නායක වන වැලේරියන් ගේ සිරුරට ඇතුල් වීමත් සමගයි කතාවේ ආරම්භය සිදු වෙන්නේ.
කතාව ස්පේස් ඔපෙරා ආකාරයෙන් නිර්මාණය කර තිබෙන නිසා ස්ටාර් වෝස් වගේ බලන අයට නම් ලොකු ගානක් දැනෙන එකක් නැතිවෙයි. ඒත් වෙනත් කතා වලට වඩා සමාන්තර ගත විශ්වයන් මේ කතාවේ ශොපින් කරන්න භාවිතා කරලා තියෙන ආකාරයත් එක්ක මුල් ටිකේම මොන විකාරයක්ද කියලා හිතෙන්න පුළුවන්. ඒත් ටිකක් විතර හිතලා බැලුවොත් බිග් මාකට් එකේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා තරමක් ඔයාලට අවබෝධ කරගන්න පුළුවන් කම ලැබේවි
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
Torrent File ඓක මෙතනීන් බාගන්න

Comments
Post a Comment