The Adventurers (2017)
The Adventurers (2017)
හොරකම් කියන්නේ වර්තමාන ලෝකයේ අතිශය සුලභ දෙයක්. හැබැයි, කෞතුකාගාරයකින් හොරකම් කරනවා කියන්නේ නම් බොහොම විශේෂ සිදුවීමක්. මොකද, කෞතුකාගාර වල ප්‍රදර්ශනය සඳහා තියෙන්නේ බොහොම පෞරාණික සහ මිල කළ නොහැකි වටිනාකමකින් යුතු දේවල්. ඒ නිසාම, කෞතුකාගාරයකින් හොරකම් කරලා කියල ආරංචියක් ලැබුනාම ඕනෙම කෙනෙක් සහජයෙන්ම විමසිලිමත් වෙනවා. ලූවර් කෞතුකාගාරයේත් මේ වගේ හොරකමක් සිදුවෙනවා. හොරකමට භාජනය වෙන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. “අඩවියේ ඇස” යනුවෙන් හැඳින්වෙන්නා වූ අතිශය පෞරාණික සහ අතිශයින්ම වටිනාකමක් සහිත මාලයක්. නමුත්, කිලෝමීටර් දහඅටක් තිස්සේ අපරාධකරුවා පසුපස හඹා යන්න වූ පොලීසිය, කෙසේ හෝ මෙම අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට සමත් වෙනවා. මේත් සමගින්, අදාළ පුද්ගලයාව වසර පහකට බන්ධනාගාර ගත කරනු ලබනවා.
ඉහත සඳහන් කරන ලද මාලයේ තවත් සුවිශේෂීතාවයක් තිබෙනවා. “අඩවියේ ඇස” යනුවෙන් හඳුන්වන්නා වූ, ඉහත හොරකම් කිරීමට උත්සාහ දරන ලද මාලය, කොටස් තුනකින් සමන්විත, කිසිසේත්ම මිල කල නොහැකි මාලයකට අයත් එක කොටසක් වෙනවා. “අඩවියේ ඇස“, “ඉරණමේ පියාපත්” සහ “ජීවිතයේ වරපට” යන මිල කල නොහැකි මාල කොටස් තුනම එක් වූ විට, “ගායා” නමින් හැඳින්වෙන්නා වූ මෙම මහාර්ඝ මාලය නිර්මාණය වෙනවා. මෙම “ගායා” නමින් හැඳින්වෙන්න වූ මහාර්ඝ මාලයේ ඉතිහාසය, 17 වන සියවස දක්වා තරම් අතීතයකට දිව යනවා. ස්පාඥ්ඥයෙන් චීනය වෙත ත්‍යාගයක් ලෙස 17 වන සියවසේදී ලැබුණු මෙම මිල කල නොහැකි “ගායා” මාලය, පසු කාලීනව “අඩවියේ ඇස”, “ඉරණමේ පියාපත්” සහ “ජීවිතයේ වරපට” යනුවෙන් කොටස් තුනකට වෙන්කර, හොර රහසේම රටවල් තුනකට අලෙවිකර තිබෙනවා.
රටවල් තුනක් තුල, කොටස් තුනක් ලෙස පවතින්නා වූ, වෙළඳපොල අගය නිර්ණය කිරීමට අපහසු, මිල කල නොහැකි මහාර්ඝ මාලයක්… මෙම මාල කොටස් තුන හොරකම් කර, ප්‍රධාන මාලය නිර්මාණය කරගැනීමේ අදිටනින් යුතුව වසර පහකට පෙර කෞතුකාගාරය බිඳ එක මාල කොටසක් හොරකම් කර පලා යාමේදී අත්අඩංගුවට පත්වී, වසර පහක් බන්ධනාගාරගතව සිට, නැවතත් මනා ලෙස සූදානම්ව මාල තුන හොරකම් කිරීමට උත්සාහ කරන්නා වූ අති දක්ෂ හොරෙකු ප්‍රධාන කණ්ඩායමක්… කුඩා කාලයේ පටන්ම හොරකමට වෛර කරන්න වූද, ඉහත කී හොර කණ්ඩායම පසුපස ලුහුබඳින්නා වූ පොලිස් නිලධාරියෙක්… හොරකම් කිරීමට උත්සාහ දැරීමෙන් පසුව, “අඩවියේ ඇස” නම් මාල කොටස තිබෙන්නා වූ ඉසව්වක් පිළිබඳව කිසිඳු හෝඩුවාවක් හෝ නොමැත… “ඉරණමේ පියාපත්” නම් මාල කොටසේ හිමිකාරීත්වය අතිශය ධනවත් සිනමා නිළියකට හිමිව පවතින අතර, මෙම මාල කොටස ප්‍රංශයේ අධි ආරක්ෂාව සහිත බිඳිය නොහැකි සේප්පුවක් තුල සුරක්ෂිතව ඇත… “ජීවිතයේ වරපට” නමැති මාල කොටස චෙක් ජනරජයේ පාරම්පරික ධන කුවේරයෙකු සතුව, ඔහුට අයත් වන්නා වූ රාජකීය බලකොටුවක් තුල, මිනිස් හමුදාවකින් සහ අති නවීන තාක්ෂණයෙන් ආරක්ෂිතව, භූගත සේප්පුවක් තුල සුරක්ෂිතව ඇත. මෙම මාල කොටස් තුන හොරකම් කර, අවසානයේ මහාර්ඝ “ගායා” මාලය නිර්මාණය කරගැනීමට හැකියාව ලැබේවිද? අවසානයේ මොවුන්ගේ ඉරණම කුමන ආකාරයකින් විසඳේවිද?
සිංහල උපසිරස මෙතනින් බාගන්න
Torrent File එක මෙතනින් බාගන්න

Comments
Post a Comment