The Fate Of The Furious (2017)
The Fate Of The Furious (2017)
The Fate of the Furious තමයි 8 වෙනි චිත්‍රපටයේ නම. මේක ටිකක් විශේෂයි මොකද පෝල් වොකර්ගේ (බ්‍රයන්ගේ) මරණයට පස්සේ එන ඔහුගේ චරිතය නැති චිත්‍රපටය මේක නිසා. වෙනද වගේම ක්‍රියාදාම වලින් මේක පිරිලා තියෙන්නේ. ඒවගේමයි විහිළුත් ගොඩක් තියනවා. විහිළු දෙබස්, අපහසයට කතා කරන නම්, උපමා ගොඩක් තිබුණ නිසා ටිකක් කාලය වැඩිපුර ගියා. මේකෙ උපසිරස ඉවර කරන්න. ඒව ටිකක් පරිවර්තනය කරන්න අමාරුයිනේ. බ්‍රයන් නැති හින්දා ඩොම්ගේ චරිතය වෙනදට වඩා ගොඩක් කැපිලා පේනවා කියලා තමයි මට නම් හිතුනේ. මොකද වෙනද කණ්ඩායමේ බර දෙන්නා අතර බෙදිලා යනවනේ. කොහොම වුනත් කණ්ඩායමට එකතු වෙන අලුත් අයත් අයත් එක්ක ඒක ඊළගට එන චිත්‍රපට වල හරියාවි. බ්‍රයන්ට තිබුණේ පවුල එක්ක බැඳුණු බැඳීම් තියන චර්තයක්නේ. ඒත් බ්‍රයන්ගේ නැතිවීමත් එක්ක ඒ බැඳීම් ඩොම්ට ලබාදෙන්න යනවා කියලා තමයි මට නම් හිතුනේ. ඇක්ෂන් ගැන නම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ මොකද ඇක්ෂන් ලෝකයේ ඉන්න සුපිරිම තට්ට්යෝ තුන්දෙනා මේ චිත්‍රපටියේ රඟපානවනේ.චිත්‍රපට මාලාවෙ කලින් හතුරනුත් මෙහෙයවපු ලොකුම හතුරාව තමයි මේ පාර දකින්න ලැබෙන්නේ. මේක බලන්න කලින් Fast and Furious 7 බලලා ඉන්නවා නම් වැඩිය හොඳයි ආයෙත්. මොකද මේකෙ සමහර දෙබස් ඒකෙ වුණු සිදුවීම් වලට සම්බන්ධයි. Fast and Furious 6 එහෙමත් බලලා නැතන්ම් බලන්න එතකොට තමයි 100%ක්ම චරිත අදුරගෙන කතාව තේරුම්ගන්න පුළුවන්
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
Torrent File එක මෙතනින් බාගන්න

Comments
Post a Comment