The Osiris Child (2016)
The Osiris Child (2016)
චිත්රපටය තමයි The Osiris Child (2016).මෙකයි කථාව…
මේක ඇත්තටම අනාගතයේ සිද්ධ වෙන සිදුවීමක්.මිනිසා ගොඩක් දියුණුයි.පෘථිවියෙන් එපිට ජනාවාස තනන්නට තරම් ඔවුන් දියුණුයි.ඒත් දියුණුව හොදට මෙන්ම නරකටත් හිටිනවා. පෘථිවියෙන් එපිට ලෝකයක සිරකදවුරක් තුල සිදුකරන විද්‍යාත්මක පරීක්ෂණයකින් මිනිසුන්ව දරුණු මෘගයන් බවට හරවනවා.ඔවුනට පිටතට නොයන්න ආරක්ෂිතව රදවලා තිබ්බත් සිරගෙදර සිටින සිරකරුවන්ගේ කැරැල්ලක් නිසා එම මෘගයින් නිදහස් වෙලා ජීවිත දේපල හැමදේම විනාශ කරන්න පටන් ගන්නවා. කරන්නට දෙයක් නැති තැන බලධාරීන් එම ලෝකය විනාශ කරන්න තීරණය කරනවා.ඔවුන්ගේ ෆොටිල්ලා නම් පාවෙන හමුදා කදවුරේ ඉන්න ගුවන් නියමුවෙකු වන ලුතිනන් කේන්ගේ දියණිය ජීවත් වෙන්නෙත් ඒ ලෝකයේ.ඉතිං මේ බලධාරීන් ඔහුට පැය 24ක් දෙනවා ඔහුගේ දියණියව බේරගන්න. ඒත් කේන්ට නොසිතූ දේකට මුහුණ දෙන්න වෙනවා.ඒ නිසාම ඔහුට උදව්වට කෙනෙකුත් ලැබෙනවා.කවුද ඒ?එයාගේ ජීවිත කථාව මොකක්ද?කේන් කොහොමද එයාගෙ දුවව බේරගන්නේ.ඒවට උත්තර ඕනෙනම් චිත්‍රපටය රසවිදින්නකෝ…
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
Torrent File එක මෙතනින් බාගන්න

Comments
Post a Comment