Wolf Warriors II (2017)

                                 Wolf Warriors II (2017)



Wolf Warriors I බලල තියෙන කෙනෙකුට Wolf Warriors II ගැන කියන්න ඕනෙ නෑ, පළවෙනි එක වගේම දෙවෙනි එකත් සුපිරියටම ගහල තියෙනව…imdb එකෙන් 6.7/10 ඉහළ අගයක් මේ ෆිල්ම් එකට ලැබිල තියෙනව. Jing Wu, Frank Grillo, Celina Jade ප්‍රධාන චරිත රඟ දක්වනවා... Celina Jade කියන නිළිය තමා ඇරෝ එකේ ෂැඩෝගෙ චරිතයට පණ පෙව්වෙ...

කතාව ගැන කියන්නම්, පළවෙනි එක වගේම මේකෙත් සුපිරි ස්ටෝරි ලයින් එකක් තියෙන්නෙ, ලෙන්ග් ෆෙන්ග් රාජකාරිවලින් ඈත් වෙලා තමන්ගෙ පාඩුවෙ අප්‍රිකාවෙ නැවක වැඩ කරනව, ඒ වැඩ කරන්නෙත් ලොකු ඉලක්කයක් ඇතිව, ඒ මොකක්ද කියල ඔයාලම බලන්න, මෙහෙම ඉන්න අතරෙ අප්‍රිකාව ඇතුළෙ වෛරස් එකක් බෝවෙන්න පටන්ගන්නව මේ එක්කම කැරලිකාර හමුදාවන් තමන්ගෙ වැඩ පටන්ගන්නව, මේ අතරෙ තමයි ලෙන්ග් ෆෙන්ග් මේ යුද්දෙට මැදි වෙන්නෙ

ඉතින් ලොකු කතාවක් තියෙනවා, ඔයාලම බලන්න, තව අවසානයත් මම මේ කතාවෙ කොටසකින්ම අවසාන කරන්නම් සොල්දාදුවෙක් ගෞරව පාත්‍ර වෙන්නෙ ඔහු ඇඳ සිටින නිළ ඇඳුම නිසා නෙවේ, මනා සිහි කල්පනාවෙන් යුතුව ඔහුගේ රාජකාරිය ඉටු කරන නිසයි. නිළ ඇඳුම ඇන්ඳත් නැතත්, ඔහුගෙ රාජකාරිය අවසන් වෙන්නෙ නෑ. එමෙන්ම ඔහු දිගින් දිගටම ගෞරවයට පාත්‍ර වනු ඇත. ලංකාවෙ ඉන්න හුඟක් නිළදාරීන් කරගන්නෙ මේකෙ අනිත් පැත්ත... තව ෆිල්ම් එකකින් සෙට් වෙමු අපි ගියි

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
Torrent File එක මෙතනින් බාගන්න

Comments

Popular posts from this blog

Baadshaho (2017)

Nene Raju Nene Mantri (2017)

Baywatch 2017