Escape Plan 2
Escape Plan 2: Hades (2018)
Escape Plan (2013) ඔයාලට මතක ඇති රේ බ්‍රෙස්ලින් කියන්නේ රස්සාව විදිහට හිර ගෙවල් වලින් පැන යන පුද්ගලයෙක් කියන එක. එහෙම කරන්නේ හිර ගෙවල් වල තියෙන දුර්වලකම් ගැන සෙවීමට රජයෙන් රේ ට කොන්ත්‍රාත්තුවක් ලැබුන නිසයි. එතකොට රජයෙන් ඒ හිරගෙවල් වල තියෙන දුර්වල තැන් නිවැරදි කරනවා. නමුත් නොහිතුව විදිහට පැනයාමට නොහැකි සිරගෙදරක සිරකරුවෙක් වීමට රේට සිදු වෙනවා. ඒ සිර ගෙදරින් පැන යාමේ ක්‍රියාන්විතය තමයි පළමු චිත්‍රපටියෙන් පෙන්වන්නේ.
නමුත් දෙවෙනි චිත්‍රපටියෙදි පැන යා නොහැකි සිරගෙදරක සිරකරුවා වෙන්නේ රේ බ්‍රෙස්ලින් එක්ක වැඩ කරන ෂූ නම් පුද්ගලයෙක්. මේ ෂූ කියන පුද්ගලයා රේ බ්‍රෙස්ලින් ගේ කණ්ඩායමේ දක්ෂ සාමාජිකයෙක්. ඒ වගේම අති දක්ෂ සටන් කරුවෙක්. ඔහු කුඩා කාලයේ දෙමව්පියෝ අහිමි වීම නිසා වෙනත් පවුල්ක අය විසින් මතයි රැකබලාගන්නේ. ඒ රැකබලාගන්න පවුලේ කෙනෙක් වන යූෂෙන්ග් කියන්නේ පරිගණක සම්බන්ධයෙන් අති දක්ෂයෙක්. යූෂෙන්ග් අළුත් සොයාගැනීමක් කරනවා ලෝකයේ ඇති ඕනෑම පරිගණකයක් පාලනය කිරීමේ චන්ද්‍රිකා තාක්ෂණයක් ගැන. ඔහු මේ සොයාගත්ත තාක්ෂණය ගැන දැනගන්න තවත් කණ්ඩායමකට ඕන වෙනවා. මේ තාක්ෂණය නිසා යූෂෙන්ග් මරණීය තර්ජන වලට පවා ලක් වෙලා ඉන්නේ. ඉතින් යූෂෙන්ග් ගෙ සහෝදරිය ෂූ ගෙන් ඉල්ලීමක් කරනවා යූෂෙන්ග් යන උත්සවයකදී ඔහුගෙ ආරක්ෂාව ගැන බලාගන්න කියලා. ඒත් ඒ උත්සවයෙදි වෙන්නේ කවුරුවත් නොහිතපු දෙයක්. එතනදි යූෂෙන්ග් වගේම ෂූ වත් පැහැරගැනීමකට ලක් වෙනවා. ෂූ ට සිහිය එද්දී ෂූ ඉන්නෙ අධි තාක්ෂණයෙන් පිරුනු අමුතුම විදිහෙ බන්ධනාගාරෙක. ඒ බන්ධනාගාරයේ නම තමයි “හේඩිස්“. දැන් ඔයාලට හිතාගන්න පුළුවන්නේ මොක්ද මේ මරණයේ භූමිය සහ පැනයාමේ සැලැස්ම මොකක්ද කියලා.. ඒ වගේම රේ බ්‍රෙස්ලින් කොහොමද මේ පාර හිර ගෙවල් බිඳීමකට සම්බන්ධ වෙන්නෙ කියලා..
සිංහල උපසිරැසි මෙතනින්
Torrent File එක මෙතනින්
Direct Link එක මෙතනින්

Comments
Post a Comment