The Swindlers (2017)
ආයුබෝවන්! ඉතින් ඔන්න වෙනද වගේම අදත් හුඟක් ජනප්රිය වුණු නියම කොරියානු චිත්රපටියකට සිංහල උපසිරැසියක් අරගෙනයි ආවෙ.imdb අගය 6.4 ක අගයක් ගත්තු මේ චිත්රපටිය අයත් වෙන්නෙaction/crime ගණයට.විනාඩි 117 ක් පුරා කුතුහලයෙන් බලාගෙන ඉන්න පුළුවන් මේ චිත්රපටියට ඇ.ඩො මිලියන 29 ක අදායමකුත් ලැබිල තියෙනවා.2017 දෙසැම්බර් පළවෙනිදා දකුණු කොරියාවෙදි තිරගත වුණු මේ චිත්රපටියට පාදක වෙන්නෙ ජන්ග් දූ චිල් නමැති වංචනිකයයි.කොටින්ම කිව්වොත් මෙයා සක්විත්තෙක් තමයි.මෙයා අහිංසක මිනිස්සුන්ව රවට්ටලා සල්ලි අරගෙන රටෙන් පැනල යනවා.මේ ජන්ග්ට ගොදුරු වෙලා සල්ලි නැති කරගත්තු සමහරු දිවිනසා ගන්නවා.පොලිසිය මොන තරම් දත කෑවත් මෙයාව අල්ලගන්න හම්බෙන්නෙ නෑ.පස්සෙ දැනගන්නවා කොරියාවෙ ඉහල පෙලේ ඉන්න බලවත්තුන්ගෙ උදව් ඇතුව තමයි මිනිහ පැනගත්තෙ කියලා.
හැබැයි අවුරුදු කීපයකට පස්සෙ මෙයා චීනෙදි මැරුණු බවට වාර්තා වෙනවා.අවමගුලෙ වීඩියෝවක් සහ ජන්ග් දූ චිල් මැරුණු වගට සැලකියයුතු සාක්ෂිත් ලැබෙන නිසා ඒ නඩුව එහෙම්මම වැහිල යනවා.ඒ වුණත් සැරින් සැරේට කටකතා පැතිරෙනව මෙයා තවමත් ජීවත් වෙනවයි කියලා. ඉතින් දිගින් දිගටම මේ කටකතා පැතිරෙන එක නතර කරන්න ඕනෙ නම් මිනිහව අල්ලගෙන මරණ එක තමයි මේකට විසඳුම කියල හිතල මේ නඩුව භාරව හිටපු පාක් හිසූ අභිචෝදකට (yoo ji-tae) තේරෙනවා.හැබැයි මෙයා වැඩ කරන්නෙ ජන්ග් දූ චිල්ගෙන් පගා අරගෙන මිනිහට රටින් පැනගන්න උදව් කරපු අය ළඟ.ඒ අය මේ අදහසට එකඟ වෙන්නෙ නැති නිසා මේ අභිචෝදකතුමා සහ එයාගෙ ගෝලයො ටික වෙනමම මේ වැඩේට බහිනවා.මේ අය මේ ගැන විමර්ශනය කරගෙන යද්දි මෙයාලට තවත් වංචාකාරයෙක්ව මුණ ගැහෙනවා.ඒ තමයි හ්වන්ග් ජි-සංග් (hyun-bin).මෙයත් වංචාකාරයෙක් වුනාට මෙයා ජන්ග් දූ චිල්ව හොයන්නෙ පුද්ගලික තරහක් නිසා. ඒ තමයි මේ ජි සංග්ගෙ තාත්තව මරපු පලිය ගන්න.ඉතින් මෙයාටයි අභිචෝදකටයි ඕනෙ කරන්නෙ එකම දේ නිසා.. දෙන්නම එකතු වෙලා මේ ජන්ග් දූ චිල්ව හොයන්න පටන් ගන්නවා.
ජන්ග් දූ චිල්ට වැඩ කරපු මිනිහෙක්ව මේ දෙන්න එකතු වෙලා හොයාගන්නවා.ඒ තමයි ලී කන්ග් සොක්.මෙයත් හොර වැඩ කරන මිනිස්සු රවට්ටන වංචාකාරයෙක්.ඉතින් මෙයාගෙ හරහා ජන්ග් දූ චිල්ට ළං වෙන්න පුළුවන් කියල හිතල අර දෙන්න එකතු වෙලා මෙයාව රවට්ටන්න ප්ලෑන් එකක් ගහනවා.චිත්රපටිය බලද්දි මේ රැවටිලි කොච්චර රසවත්ද කියල බලාගන්න පුළුවන්.ඉතින් මේ ප්ලෑන් එක වැඩ කරන්න පටන් ගන්නව වගේම….. තව තව හුඟක් දේවල් වෙනවා.. තවත්නම් මම කතාව කියන්න යන්නෙ නෑ.මොකද අපි නොහිතන දෙයක් වෙලා තමයි මේ චිත්රපටිය ඉවර වෙන්නෙ.එහෙනම් තවත් චිත්රපටියකින් හමුවෙනකල් අදට ගිහින් එන්නම්.ආ.. තව දෙයක් කියන්නම්..
සිංහල උපසිරැසි මෙතනින්
Torrent File එක මෙතනින්
Direct Link එක මෙතනින්

Comments
Post a Comment