Posts

Showing posts from June, 2018

Rampage 2018

Image
Rampage 2018 එනජින් සමාගම විසින් ඈතීනා -01 යානයේ විශේෂ පරීක්ෂණයක් සිද්ධ කරනවා. මෙහි දී පරික්ෂය අසාර්ථක වීම නිසා යානය අතහැර දමා පරීක්ෂණය සඳහා යොදාගත් වෛරසය රැගෙන නැවත පෘථිවිය කරා පැමිණීමේ දී පලායන යානය විනාශ වෙනවා. එනමුත් වෛරසය විනාශ නොවී චිකාගෝ නගරය ආශ්‍රිත ප්‍රදේශ තුනකට පතිත වෙනවා. මේ ස්ථාන තුන අතරින් එකක් තමා ඩේවිස් ඔකොයේ වැඩකරන වානරයන් පිලිබඳ වූ සත්ව උද්‍යානය. පොලවට පතිත වුන මෙම වයිරසය ආග්‍රහණය කරන ජෝර්ජ් නම් විශේෂිත ගොරිල්ලා කලහකාරී ලෙස හැසිරීමට පටන් ගන්නවා. මේ අතර වාරයේ වෛරසය වැටුණු අනෙකුත් ස්ථාන දෙකේ දීද මෙවැනිම සිද්ධීන් දෙකක් සිද්ධ වෙනවා. වේගය,කලහකාරී බව, ප්‍රතිජනන හැකියාව ,ශක්තිය වැනි කාරනා නිසාවෙන් මෙම සත්වයින් මරා දැමීමට හමුදා මෙහෙයුමක් දියත් කරනවා. මේ අතර වාරයේ එනජින් සමාගමේ අයිතිකාරියවන ක්ලෙයාර් වේඩ්න් මේ තුලින් මුදල් ඉපයීම සඳහා වෙනත් උපක්‍රමයක් යොදා ගන්නවා. එසේනම් තමන්ගේ මිත්‍රයා,ජෝර්ජ්නම් ගොරිල්ලා ගලවා ගැනීමට ඩේවිස් කුමක්නම් කරාවිද? වේඩ්න්ලාගේ උපක්‍රමය කුමක් වේවි ද? හමුදා මෙහෙයුම කෙසේනම් හමාර වේවි ද? සිංහල උපසිරැසි මෙතනින්   Torrent File එක මෙතනින් Di...

Escape Plan 2

Image
Escape Plan 2: Hades (2018) Escape Plan (2013) ඔයාලට මතක ඇති රේ බ්‍රෙස්ලින් කියන්නේ රස්සාව විදිහට හිර ගෙවල් වලින් පැන යන පුද්ගලයෙක් කියන එක. එහෙම කරන්නේ හිර ගෙවල් වල තියෙන දුර්වලකම් ගැන සෙවීමට රජයෙන් රේ ට කොන්ත්‍රාත්තුවක් ලැබුන නිසයි. එතකොට රජයෙන් ඒ හිරගෙවල් වල තියෙන දුර්වල තැන් නිවැරදි කරනවා. නමුත් නොහිතුව විදිහට පැනයාමට නොහැකි සිරගෙදරක සිරකරුවෙක් වීමට රේට සිදු වෙනවා. ඒ සිර ගෙදරින් පැන යාමේ ක්‍රියාන්විතය තමයි පළමු චිත්‍රපටියෙන් පෙන්වන්නේ. නමුත් දෙවෙනි චිත්‍රපටියෙදි පැන යා නොහැකි සිරගෙදරක සිරකරුවා වෙන්නේ රේ බ්‍රෙස්ලින් එක්ක වැඩ කරන ෂූ නම් පුද්ගලයෙක්. මේ ෂූ කියන පුද්ගලයා රේ බ්‍රෙස්ලින් ගේ කණ්ඩායමේ දක්ෂ සාමාජිකයෙක්. ඒ වගේම අති දක්ෂ සටන් කරුවෙක්. ඔහු කුඩා කාලයේ දෙමව්පියෝ අහිමි වීම නිසා වෙනත් පවුල්ක අය විසින් මතයි රැකබලාගන්නේ. ඒ රැකබලාගන්න පවුලේ කෙනෙක් වන යූෂෙන්ග් කියන්නේ පරිගණක සම්බන්ධයෙන් අති දක්ෂයෙක්. යූෂෙන්ග් අළුත් සොයාගැනීමක් කරනවා ලෝකයේ ඇති ඕනෑම පරිගණකයක් පාලනය කිරීමේ චන්ද්‍රිකා තාක්ෂණයක් ගැන. ඔහු මේ සොයාගත්ත තාක්ෂණය ගැන දැනගන්න තවත් කණ්ඩායමකට ඕන වෙනවා. මේ තාක්ෂණය නිසා යූෂෙ...

The Debt Collector (2018)

Image
The Debt Collector (2018) අපි කතාවෙ ඇතුලාන්තයට එබිලා බැලුවොත් , ෆ්‍රෙන්ච් කියන්නෙ බ්‍රිතාන්‍යයෙන් ඇවිත් ලොස් ඇන්ජලීස් වල පදිංචි වෙලා ඉන්න ආත්මාරක්ෂක සටන් ගුරුවරයෙක්, එයාට මේ දවස් වල සල්ලි අතින් අන්තෙටම වැටිලා ඉන්නෙ. ඒ මොනවා උනත් එයා කැමති නෑ එයාගෙ සටන් පාසල විකුණන්න. මෙහෙම ඉන්නකොට මෙයාගෙ යාළුවෙකුගෙ මාර්ගයෙන් ටවුමෙ පාතාල නායකයෙක් යටතේ කරගෙන යන පොළියට මුදල් ලබාදෙන ආයතනයක රැකියාවක් මෙයාට ලැබෙනවා. මෙයාගෙ රාජකාරිය තමයි “සූ” කියන කෙනාගෙ සහයකයා විදියට ඉඳිමින් ණය මුදල් නොගෙවා පැහැර අරින අයව මුණගැහිලා සල්ලි අරන් එන එක. ඒ අතරෙදි එයාලගෙ ප්‍රධානියාට පාතාල ව්‍යාපාරිකයෙක් වන බාබෝසා විසින් වැඩක් බාර දෙනවා. එයින් පසු ඔවුන්ගේ ජීවිත සියල්ලම උඩු යටිකුරු කරමින් සිදුවීම් දාමයක් ආරම්භ වෙනවා . ඉතිං යාළුවනේ එතනින් පස්සෙ කතාව ඔයාලට බලලම තමයි දැනගන්න වෙන්නෙ. සිංහල උපසිරැසි මෙතනින් Torrent File එක  මෙතනින් Direct Link  එක  මෙතනින්

The Swindlers (2017)

Image
ආයුබෝවන්! ඉතින් ඔන්න වෙනද වගේම අදත් හුඟක් ජනප්‍රිය වුණු නියම කොරියානු චිත්‍රපටියකට සිංහල උපසිරැසියක් අරගෙනයි ආවෙ. imdb  අගය  6.4  ක අගයක් ගත්තු මේ චිත්‍රපටිය අයත් වෙන්නෙ action/crime  ගණයට.විනාඩි 117 ක් පුරා කුතුහලයෙන් බලාගෙන ඉන්න පුළුවන් මේ චිත්‍රපටියට  ඇ.ඩො මිලියන 29  ක අදායමකුත් ලැබිල තියෙනවා. 2017 දෙසැම්බර් පළවෙනිදා  දකුණු කොරියාවෙදි තිරගත වුණු මේ චිත්‍රපටියට පාදක වෙන්නෙ ජන්ග් දූ චිල් නමැති වංචනිකයයි.කොටින්ම කිව්වොත් මෙයා සක්විත්තෙක් තමයි.මෙයා අහිංසක මිනිස්සුන්ව රවට්ටලා සල්ලි අරගෙන රටෙන් පැනල යනවා.මේ ජන්ග්ට ගොදුරු වෙලා සල්ලි නැති කරගත්තු සමහරු දිවිනසා ගන්නවා.පොලිසිය මොන තරම් දත කෑවත් මෙයාව අල්ලගන්න හම්බෙන්නෙ නෑ.පස්සෙ දැනගන්නවා කොරියාවෙ ඉහල පෙලේ ඉන්න බලවත්තුන්ගෙ උදව් ඇතුව තමයි මිනිහ පැනගත්තෙ කියලා. හැබැයි අවුරුදු කීපයකට පස්සෙ මෙයා චීනෙදි මැරුණු බවට වාර්තා වෙනවා.අවමගුලෙ වීඩියෝවක් සහ ජන්ග් දූ චිල් මැරුණු වගට සැලකියයුතු සාක්ෂිත් ලැබෙන නිසා ඒ නඩුව එහෙම්මම වැහිල යනවා.ඒ වුණත් සැරින් සැරේට කටකතා පැතිරෙනව මෙයා තවමත් ජීවත් වෙනවයි කියලා. ඉතින් දිග...

Furious (2017)

Image
Furious (2017)  කතාව වෙන්නේ මෙහෙමයි…  රයිසාන් නගරය වට කරගත් මොන්ගෝලියානු අධිරාජ්‍ය එක්ක එකවර සටන් කරන්නට තමුන්ට බලයක් නැති නිසාවෙන් පාලනයේ සිටින රයිසාන් කුමරුවා තමුන්ගේ කුමරුවෙක් සහ ඔහුගේ ආරක්ෂක අංශයේ ඉහල තනතුරක් දරන කොලොව්රට් නයිට් වරයා ඇතුළු පිරිසක් යවනවා සාම සාකච්චා වෙනුවෙන්. මුලින් හොඳින් වැඩ සිද්ධ වෙන බව පෙනුනත් එක්වරම සියල්ල කණපිට හැරෙන්න ඔහුට අහිරාජ්‍ය ඉදිරියේම ප්‍රහාරයක් එල්ල වීමත් එක්කයි… කෙසේ හෝ එතනින් පැනගන්නා මේ දූත පිරිස හැකි උපරිම වේගයෙන් මහා හිම කුණාටුවක් අස්සේ තමුන්ගේ නගරය වෙත එන්නේ අනතුරු ඇගවීම හිත දාරගෙන… නමුත් ඒ එන ඔවුන්ට දකින්න ලැබෙන දර්ශනය ඔවුන් කිසිසේත් බලාපොරොත්තු නොවුවක්… රයිසාන් නගරය මුළුමනින්ම විනාශ වී ගොසින්, එහි වැසියන් තැන තැන හිමේ ගල්වෙන මල සිරුරු බවට පත් වෙලා… ඔවුන් සතුව තවත් හමුදාවක් ඇත්තේ නැහැ ඔවුන්ට සිටින්නේ අධිරාජයා සමඟ හමුවට ගිය සෙබළුන් 20 දෙනෙක් වැනි සුළු පිරිසක් පමණයි… තමුන්ගේ නගරය, දේශය විනාශ කරන්නට වෙර දරන අධිරාජ්‍ය වෙනුවෙන් හිස නොනමන නයිට් වරයෙක් සහ ඔහුගේ පිරිවර සුදානම් වෙනවා දහස් ගණනක බට සේනාවක් එක්ක සටන් කරන්න ඒ අතිශය උපාය...

Explosion 2017

Image
Explosion (2017)  ෂැවාඕ සුඩොන් නම් වන අපේ කතා නායකයා ගල් අඟුරු පතලක පිපිරුම් කාර්මිකයෙක්. ඔහුගේ ප්‍රධාන කාර්ය වෙන්නෙ පතල තුල පාලනය කරන ලද පිපිරීම් ඇති කිරීම. ඔහු මේ වැඩේට බොහොම දක්ෂකයෙක් කොටින්ම දෙවැනි පරපුරේ කාර්මික ශිල්පියෙක් කිව්වොත් මම නිවැරදි. කොහොම නමුත් එක අවාසනාවන්ත දවසක මෙහෙම සුදානම් කල පිපිරීමක් එක්ක ඔහුගේ ජීවිතය සහ අනාගතය කියන දෙකම පුපුරා යන්නේ නිමේෂයකින්… සිහිය ලබන ඔහුට දැනගන්නට ලැබෙන්නේ පිපිරීම හිතූ ලෙස පාලනය නොවුන බවත් ඒ නිසාවෙන් පතල තුල සිටි ඔහුගේ මිතුරන් සිව්දෙනෙක් මැරුතුරුලට ගිය බවත්… බොහොම වික්ෂිප්ත වුන සුඩොන් පියවි ලෝකයට එන මොහොත වෙනකොට පතලේ හිමිකරු ඔහු එක්ක බොහොම තරහෙන්… සුඩොන්ට විධාන ලැබෙනවා පොලිසිය වෙත නොයන ලෙස… මෙහෙම ගෙදර එන සුඩොන්ට මේ පිපිරීම බොහොම ප්‍රශ්නයක් වසර 20 ක් තුල ඔහුට කිසිදා වැරදී නැහැ ඉතින් වැරැද්ද බාර ගන්න සූදානම් නැති ඔහු මේ ගැන හොයාබලන්න ගැනීමත් එක්ක තමයි කරදර තවත් වැඩි වෙන්නේ…. පතලේ හිමිකරු මැරවරයෙක් මෙතන ඇත්තම කතාව වෙන්නේ ඔහුගෙන් පතල ලබා ගැනීමට තවත් පතල් හිමිකරුවෙක් සිදුකල කූට ක්‍රියාවක් නිසාවෙන් තමයි ඉහත සඳහන් වුන පිපිරිම සිද්ධ ව...

Missing (2018)

Image
Missing (2018)  අතුරුදන් වූ පුංචි දරුවෙකු සොයන කතාවක් තමයි මේ චිත්‍රපටියේ තියෙන්නෙ. මුලින්ම කතාව බලද්දි හිතෙන්න පුලුවන් මේ දරුවට වුනේ මේකයි කියල. ඊට පස්සෙ හිතෙන්න පුලුවන් නෑ එහෙම නෙවෙයි මෙහෙමයි වෙන්නෙ කියල. තුන් හතර වතාවක් එහෙම උනාට පස්සෙ අන්තිමට මේ මොන මගුලක්ද උනේ කියල හිතෙන්නත් පුලුවන්. ඒ වගේ එක දිගට බලාගෙන යන්න පුලුවන් ත්‍රාසය කුතුහලය පිරි කතාවක් තමයි අද ගෙනාවෙ. සිංහල උපසිරැසි  මෙතනින්  බාගන්න Torrent File එක  මෙතනින්  බාගන්න