Posts

Showing posts from October, 2017

Wolf Warriors II (2017)

Image
                                 Wolf Warriors II (2017) Wolf Warriors I බලල තියෙන කෙනෙකුට Wolf Warriors II ගැන කියන්න ඕනෙ නෑ, පළවෙනි එක වගේම දෙවෙනි එකත් සුපිරියටම ගහල තියෙනව…imdb එකෙන් 6.7/10 ඉහළ අගයක් මේ ෆිල්ම් එකට ලැබිල තියෙනව. Jing Wu, Frank Grillo, Celina Jade ප්‍රධාන චරිත රඟ දක්වනවා... Celina Jade කියන නිළිය තමා ඇරෝ එකේ ෂැඩෝගෙ චරිතයට පණ පෙව්වෙ... කතාව ගැන කියන්නම්, පළවෙනි එක වගේම මේකෙත් සුපිරි ස්ටෝරි ලයින් එකක් තියෙන්නෙ, ලෙන්ග් ෆෙන්ග් රාජකාරිවලින් ඈත් වෙලා තමන්ගෙ පාඩුවෙ අප්‍රිකාවෙ නැවක වැඩ කරනව, ඒ වැඩ කරන්නෙත් ලොකු ඉලක්කයක් ඇතිව, ඒ මොකක්ද කියල ඔයාලම බලන්න, මෙහෙම ඉන්න අතරෙ අප්‍රිකාව ඇතුළෙ වෛරස් එකක් බෝවෙන්න පටන්ගන්නව මේ එක්කම කැරලිකාර හමුදාවන් තමන්ගෙ වැඩ පටන්ගන්නව, මේ අතරෙ තමයි ලෙන්ග් ෆෙන්ග් මේ යුද්දෙට මැදි වෙන්නෙ ඉතින් ලොකු කතාවක් තියෙනවා, ඔයාලම බලන්න, තව අවසානයත් මම මේ කතාවෙ කොටසකින්ම අවසාන කරන්නම් සොල්දාදුවෙක් ගෞරව පාත්‍ර වෙන්නෙ ඔහු ඇඳ සිටින නිළ ඇඳුම නිසා නෙවේ, මනා සිහි කල්පනාවෙන් යුතු...

Wolf Warrior (2015)

Image
                     Wolf Warrior (2015)  මෙම සිනමාපටය IMDb දර්ශකයේ 5.7/10 වැනි අගයක් ලබාගැනීමටද සමත්ව තිබෙනවා. චීන විශේෂ කාර්‍ය බලකා සොල්දාදුවෙක්(ලොංග් ෆොංග්) මෙහෙයුමකදී අණ නොතකා ක්‍රියා කිරීම හේතුවෙන් සිරගත කරනවා. එහිදී ඔහුව චීන හමුදාවේ විශේෂ කාර්‍ය බලකායන්ගේත් විශේෂ කාර්‍ය බලකාය ලෙස හඳුන්වන වෘක රණශූරයන් කියන කණ්ඩායමට බඳවා ගන්නවා. එහි පුහුණුවක් අතර ඔහු කලින් වෙඩි තබා ඝාතනය කල හොර මත්කුඩු ජාවාරම් කරුගේ සහෝදරයා ඔහුව ඝාතනය කිරීමට එවන ලද කුලියට මිනී මරන්නන් කණ්ඩායමකට මැදි වෙනවා. “ලොංග් ෆොංග්” සමඟ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින් හා කුලියට මිනී මරන්නන් අතර ඇතිවන සටනින් ලොංග් ෆොංග් සහ ඔහුගේ කණ්ඩායමට බේරීමට ලැබෙයිද කියල ඔයාලටම බලන්න ආරාධනා කරනව. සිංහල උපසිරැසි මෙතනින් බාගන්න Torrent File එක මෙතනින් බාගන්න

Wheelman (2017)

Image
                      Wheelman (2017)  ෆිල්ම් එක කරුණු කීපයක් නිසා සුපිරි ගනයට වැටෙනවා.පළවෙනි කාරනේ තමයි මේක  Netflix  ලගෙ වැඩක්.අනිත් එක තමයි මේ ෆිල්ම් එකට  IMDB  රේටින්ග්ස් වල  6.5 ක අගයක් ලැබිලා තියෙනවා.ඇක්ෂන් ෆිල්ම් එකක්ට 6.5ක් ලැබෙනවා කියන්නෙ ෆිල්ම් එක හොඳ තත්වයක තියෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ.ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් බැංකු මංකොල්ලයක් වටා තමයි කතාව ගොඩ නැගිලා තියෙන්නෙ.චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පන පොවන Frank Grillo බැංකු මංකොල්ලයකට යන වාහනේ රියදුරා විදියට වැඩක් බාර ගන්නවා.ක්ලේ කියලා යාලුවෙක් තමයි පොරට වැඩේ සෙට් කරන්නෙ. Frank එක්ක යන අනිත් දෙන්නා බැංකුව මංකොල්ල කන අතරෙ Frank ට අදුරන්නෙ නැති නම්බර් එකකින් කෝල් එකක් එනවා. පොර තමයි ක්ලේට වැඩේ බාර දීලා තියෙන්නෙ. මේ කෝල් එක ගන්න කෙනා කියනවා සල්ලි ටික ගෙනල්ලා වාහනේ ඩිකියට දාපු ගමන් බැංකුව මංකොල්ල කන්න ගිය දෙන්නත් දාලා වාහනේ පැදගෙන එන්න කියලා. එතන ඉදන් වෙන්නෙ මොකද්ද කියලා බලන එක ඔබතුමන්ලට බාරයි. සිංහල උපසිරැසි මෙතනින් බාගන්න T...

Jungle (2017)

Image
                         Jungle (2017) මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ සුප්‍රසිද්ද Harry Potter චිත්‍රපට මාලාවෙ හැරී පෝටර්ගෙ චරිතය හරහා අප කාගෙත් ආදරය දිනාගත්  Daniel Radcliffe  නම් නළුවයි. ඊට අමතරව  Thomas Kretschmann, Alex Russell, Lily Sullivan  සහ  Joel Jackson  ඇතුළු නළු නිළියන් රැසක් මෙයි රඟපානවා. බොලීවියාවෙ වනාන්තරයක පිහිටි රතු ඉන්දියානු ගමක් සොයා යන මිතුරන් තිදෙනෙක් සහ ඔවුන්ගේ මඟ පෙන්වන්නා හට වනාන්තරය තුළදී මුහුණදීමට සිදුවන සිදුවීම් මෙම චිත්‍රපටයෙන් පෙන්නුම් කෙරෙනවා. විශේෂයෙන්ම වනාන්තරයක් කිව්වම අපිට හිතෙන්නෙ එතනදි ලොකුම අනතුර තියෙන්නෙ මාංශ භක්ෂක වන සතුන්ගෙන් කියලනෙ. නමුත් ඊට වඩා අනතුරුදායක දේ වනාන්තර තුළ තිබෙන බව මෙම චිත්‍රපටිය නැරඹීමෙන් අපට පැහැදිළි වෙනවා. සිංහල උපසිරැසි මෙතනින් බාගන්න Torrent File එක මෙතනින් බාගන්න

Justice 2017

Image
                                  Justice 2017 මිනිත්තු 92ක්  පුරාවට ගලා යන මේ සලරුවේ කතාවට පාදක කරගෙන තියෙන්නෙ තියෙන්නෙ 1861-1865 අතර කාලවකවානුව තුළ සිදුවූ ඇමෙරිකානු සිවිල් යුද්ධය ට පසු කාලවනවානුවකදී ඇමෙරිකාවේ බටහිර ප්‍රදේශයේ කුඩා නගරයක ඇතිවන දරුණු සිදුවීම් දාමයක් පිළිබඳවයි. ඉතින් කතාව ගැන කෙටියෙන් කියනව නම්, සිවිල් යුද්ධයට කලින් වහල් වෙළඳාමෙන් තමන්ගෙ සාක්කු පුරෝගත්තු දාමරිකයෙක් වුණි පියර්ස් කියන හාදයා යුද්ධය ඉවරවුණාට පස්සෙ තවත් මැර කණ්ඩායමක් එකතුකරගෙන මේ කියන පොඩි ටවුමට ඇවිත් බලහත්කාරයෙන් නගරාධිපතිකම  අරගන්නවා. පියර්ස්ගෙ සේරම යටිකූට්ටු වැඩවලට උදව් කරන්නෙ පියර්ස්ගෙ දකුණු අත වගේ ඉන්න රෙබ් කියන මැරයා. කලින් සාමකාමී ටවුමක් විදිහට තිබුණු මේ ප්‍රදේශය මැරවරයින්ගේ පාලනයට නතු වුණාට පස්සෙ දූෂණය, භීෂණය වගෙම නොයෙක් ආකාරයේ නීති විරෝධී වැඩ වලට තෝතැන්නක් බවට පත්වෙනවා. ඉතින් මිනිස්සුන්ට සිද්දවෙන අකටයුතුකම් ඉවසන්න බැරිම තැන ටවුමෙ පල්ලියේ දේවගැති තෝමස් මැකෝඩ් මේ භීෂණයට එරෙහිව නැඟී සිටිනවා. ඒත් ටික කාලයක්...

Thupparivalan 2017

Image
                          Thupparivalan 2017 විශාල් රංගනයෙන් දායක වෙන මේ චිත්‍ර‍පටයට සුපිරියි කියලා මම කිවුවේ පුරුද්දකට එහෙම නෙවෙයි. ඇත්තටම දමිළ සිනමාවේ වෙනස්ම මානයක් හොයාගෙන ගියපු චිත්‍ර‍පටයක්. විශාල්ගේ දැනට එළිදැක්වුණු හොඳම ෆිලුම කියලත් කියන්න පුළුවන්. අර මම කලින් දුන්නු කත්ති සන්ඩෙයි වගේ ගොන් පාට් එකක් එහෙම නෙවෙයි ඈ. විශාල්ටත් වඩා මිස්කින් චිත්‍ර‍පටයක් විදියට කට්ටිය පුරසාරම් දොඩපු නිසා මමත් යාපනය රාජා සිනමාශාලාවට ගියා තුප්පරිවාලන් බලන්න. පටන් ගැන්මෙන්ම තේරුණා මේක නම් සුපිරියක්ම තමයි කියලා. ඒකට හේතුව වුණේ පසුබිම් සංගීතය. හරියට හොල්මන් චිත්‍ර‍පටයක් බලන්න වාඩිවුණා වගේ දැණුනේ. මම එවෙලේම මේල් එකක් දාලා ෆිලුම ඉල්ලා සිටියා. අකුරු දාලා ඉවර වුණා. පසුබිම් සංගීතයෙන් මුළු සිනමා ශාලාවම නිහඬ කරලා. චිත්‍රපටය පටන් ගැන්මේදී අභිරහස් විදියට සිදුවෙන මරණ දෙකක් පෙන්වනවා..ඊට පස්සේ තමයි කතාව පටන් ගන්නේ. විශාල් පුද්ගලික රහස් පරීක්ෂකයෙක්. නම කනියන් පූංගුන්රන් (කනී) . ඔහුගේ සහායට ඉන්නවා  ප්‍ර‍සන්න. (මනෝහර් නොහොත් මනෝ) . හරියට ෂර්ලොක්...

Jagga Jasoos 2017

Image
                            Jagga Jasoos 2017 කතාව ගැන කිව්වොත් ජග්ගා කියන්නේ අම්මා තාත්තා නැති දරුවෙක්... ඔහු ගේ පුංචි අවුලක් තියනවා. හරියට කතා කරන්න බැහැ ගොත ගහනවා. ජග්ගා පොඩි කාලේ ගත කරන්නේ ගමක තියන ඉස්පිරිතාලේක.. මෙහෙම ඉද්දි තමයි ජග්ගාගේ ජිවිතේට නන්නාදුනන අමුත්තෙක් එන්නේ. ඔහුගේ නම ටුටි ෆුටි. ඔහු තමයි ජග්ගාට මුලින්ම කියලා දෙන්නේ කතා කරද්දි වචන පැටලෙනවා නම් ඒක ගායනයෙන් කියන්න කියලා. කොහොම හරි මේ හම්බුන ටුටි ෆුටි ජග්ගාව තමන්ගේ දරුවෙක් වගේ හදාගන්න ගන්නවා. නමුත් ටික කාලයක් යද්දි ටුටි ෆුටි එක පාරටම යන්න යනවා. හැබැයි ඔහු ගිය තැනින් හැමදාම ජග්ගාගේ උපන්දිනය දවසට VHS ටේප් එක ගානේ එවනවා සුභ පතලා... කොහොම හරි ජග්ගා ටුටි ෆුටි නැති නිසා උස්මහත් වෙන්නේ හොස්ටල් එකක. තමන් තනියම ඉන්න නිසා ජග්ගා හැම පොඩි පොඩි සිදුවිම් වල පවා විස්තර ටිකක් හාර අවුස්සලා හොයන්න ගන්නවා. ඒක නිසාම ජග්ගාට රහස්පරික්ෂයෙක් වගේ ලොකු ලොකු ගැටළු පවා නිරාකරණය කරගන්න පුලුවන් වෙනවා. කොහොම හරි ජග්ගා ඉන්න හොස්ටල් එකේ පාසලේ උගන්වන ගුරුවරියක් සියදිවි නසාගන්නවා. ඒක ...

Maigret’s Dead Man (2016)

Image
              Maigret’s Dead Man (2016)  හරි එහෙනම්, කතාවේ ආරම්භය පොඩ්ඩක් මතක් කරන්නම්.පැරිස්නුවර සිට බොහෝ ඈත ගම්මානයක ධනවත් ගොවිපලවල්වල මංකොල්ල කෑම් සහ මිනීමැරුම් වාර්තාවෙනවා. මේ ගැන හොයන්න පැරිස් නුවර අපරාධ විමර්ෂන අංශයේ සහය පතනවා. නමුත් මේ අතරෙම පැරීසියේ වීදී ඔස්සේ දාමරිකයන් කිහිප දෙනෙක්ගෙන් බේරෙමින් පළායන පුද්ගලයෙකුගෙන් මිග්‍රේට්ට ඇමතුමක් ලැබෙනවා. ඔහුගේ ජීවිතය බේරාදෙන ලෙස ඔහු මිග්‍රේට්ගේන් ආයාචනය කරනවා. ඔහුගේ නෝනා මිග්‍රේට්ව දන්නා බවත් පවසනවා. නමුත් මිග්‍රේට්ට එවැනි මතකයක් නැහැ. මිග්‍රේට් අනෙක් වැඩ පසෙකින් තබා මොහු පිටුපස හඹායනවා. නමුත් ඒ වනවිටත් දාමරිකයෝ ක්‍රියාත්මක වෙලා. මිග්‍රේට්ට හමුවෙන්නේ ඔහුගේ මළ සිරුරයි. මොහු කවුද? ඒ අස්සේ ගොවිපලවල් මංකොල්ල කන්නේ කවුද? ෆිලුම බලලම මේ ටික හොයාගන්නකෝ. කලින් කතා වගේම මේකත් බොහෝම කුතුහලයෙන් බලන්න පුළුවන්. හැමෝටම ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා. සිංහල උපසිරැසි මෙතනින් බාගන්න Torrent File එක මෙතනින් බාගන්න

American Made (2017)

Image
                   American Made (2017) කවුද මේ බැරී සීල් කියන්නෙ? චිත්‍රපටියෙ නම් බැරී සීල් ගැන හොඳ හැඳින්වීමක් තියෙනවා. විශේෂයෙන්ම එයා CIA එකට බැදුනට පස්සෙ වෙච්ච දේවල් ගැන. රසකැවිලි වෙළෙන්දෙක්ට දාව උපන්න බැරී සීල් තම ශිෂ්‍ය පියාසර බලපත්‍රය අවුරුදු 15 හා පෞද්ගලික පියාසර බලපත්‍රය අවුරුදු 16 දී වගේ ළාබාල වියේදිම ලබාගන්නවා. අපි යන්තම් බයික් එකක් හරි වාහනයක් හරි ආසවට අතගාන, කවුරුහරි එක්ක අඩියක් දෙකක් පදවල බලන කාලෙදි. 😉 ඒ වගේම ඔහු ඇමරිකානු ගුවන් හමුදා අනුබද්ධව පුහුණු වීම් කරන නමුත් ඔහු එය සම්පූර්ණ කරන්නෙ නෑ. ඊට පසු ඔහු TWA ගුවන් සේවයට ගුවන් ඉංජිනේරුවෙක් ලෙස රැකියාව අරඹන අතර එම සමාගමේ බෝයින් 707 ගුවන් යානය පදවන ලාබලතම ගුවන් නියමුවා ලෙස උසස් වීම් ලබනවා. හැබැයි චිත්‍රපටියෙ පෙන්වනවට වඩා වෙනස් ආකාරයකටයි ඔහු TWA එකෙන් නික්ම යන්නෙ. කොහොමහරි ඉන් පස්සෙ ඔහු CIA සංවිධානයට බැඳෙනවා. එතනින් එහාට කතාව චිත්‍රපටියේ තියෙනවා.  ටොම් කෲස්ගේ සුපිරි රංගනයකුත් දකින්න ලැබෙයි. මේ වෙද්දි චිත්‍රපටිය IMDB හී 7.3/10 අගයක් හා Rotten Tomatoes හී 87% ක අගයක්...

Nene Raju Nene Mantri (2017)

Image
                          Nene Raju Nene Mantri (2017)  බාහුබලි සිනමා පටයේ දුෂ්ට චරිතය රඟපාලා තෙලිගු රසික සිත් දිනාගත්තු Rana Daggubati ප්‍රධාන චරිතයෙන් දායක වෙන අලුත්ම තෙලිඟු චිත්‍රපටියකට සිංහල උපසිරස අරන් මං අද ආවේ. තව මේ චිත්‍රපටියේ නිළිය විදියට Kajal Aggarwal දායක වෙනවා. IMDb 5.8අගයක් ලැබිල තියෙනවා. කතාව ගැන කිව්වොත් ජෝගේන්ද්‍ර කියන්නේ ගම් 8ක ප්‍රධානියා වගේ ඉන්න ගමන් සල්ලි පොලියට දෙන කෙනෙක්. එයාගේ ඇත්තම නම වෙන්නේ රාධා ජෝගේන්ද්‍ර. මොකද එහෙම නම වැටිලා තියෙන්නේ එයාගේ බිරිඳ රාධා නිසයි. ජෝගේන්ද්‍ර කියන්නේ එයා හැමදේම කරන්නේ තමන්ගේ බිරිඳ වෙනුවෙන් කියල. හැබැයි එයාලට දරුවෝ නැහැ. ඒ මොකද කියල කතාව බලද්දී තේරෙයි ඔයාලට. ඔහොම එයාල හොඳින් ඉන්නකොට ගමේ යම් සිද්ධියක් වෙලා ජෝගේන්ද්‍රට හිතෙනවා දේශපාලනේට එන්න. ඇවිත් අගමැති වෙන්න.එහෙනම් ඔයාල බලන්නකෝ ජෝගේන්ද්‍ර අගමැති වෙයිද නැද්ද කියල. එයාලගේ පවුල් ජීවිතේට මොනවා වෙයිද කියල. ටිකක් දුක හිතෙන අවසානයක් තියෙනවා කියාලා විතරක් මං කියන්නම්. ජය වේවා හැමෝටම! සිංහල උපසිරැසි මෙතනින් බ...

Baywatch 2017

Image
                              Baywatch 2017 මේ චිත්‍ර‍පටියේ නම අපිට බොහෝම හුරුපුරුදුයි. මොකද මේ නමින්ම ටිවි සිරිස් එකක් නිකුත් වුනා 1999 වර්ශයේදි... එකේම චිත්‍ර‍පටියක කොටසක් ලෙස තමයි මේ චිත්‍ර‍පටිය නිකුත් වෙන්නේ 2017 දි. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Dwayne Johnson,Zac Efron,Alexandra Daddario රංඟනයෙන් දායක වෙනවා. ඒ වගේම හින්දි සිනමාවෙන් ලෝකය දැන හැදින ගත් Priyanka Chopraත් මෙහි චරිත නිරුපනයෙන් දායක වෙනවා. කතාව ගැන කිව්වොත් මිච් කියන්නේ වෙරළේ සිටින ජිවිතාරක්ෂක කණ්ඩායමක නායකයා. ඔහු මේ මුහුදට වෙරළට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඔහුට දිනක් වෙරළේ තියලා මත්ද්‍ර‍ව්‍ය පැකට් එකක් ඇහිදින්න ලැබෙනවා. මේ විදියට දින දෙක තුන යද්දි ඔහුට තවත් මේ වගේම මත්ද්‍ර‍ව්‍ය පැකට් වෙරළේ තිබිලා හොයාගන්න ලැබෙනවා. මිච් විශ්වාස කරන විදියට වේරළා සන්නව පිහිටි සමාජ ශාලාවකින් මේ මත්ද්‍ර‍ව්‍ය බෙදාහරින බවට සැක කරනවා. නමුත් මිච්ට හරියාකාර සාක්ෂියක් ලැබෙන්නේ නැහැ මේ ගැන. මේ අතර කාලයේදි තමයි බේ වොච් ජිවිතාරක්ෂක කණ්ඩායමට අලුතින් කට්ටිය බදවාගන්නේ. මේ බදවා ගැනිමට ස...

The Villainess 2017

Image
                            The Villainess 2017 The Villainess 2017 මේ චිත්‍රපටය ජංග් බියොන් ජිල් තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නේ. මෙම චිත්‍රපටය IMDB  අගය 6.7ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. චිත්‍රපටය මේ අවුරුද්දේ ජුනි 08 වෙනිදා තමයි රිලීස් කරල තියෙන්නේ. ඇක්ෂන් සිනමා වර්ගීකරණයට තමයි මේ ෆිල්ම් එක ඇතුළත් වෙන්නේ. චිත්‍රපටයෙ  ඔක් බින් කීම්, හා කියං ෂින්, ජන් සංග් යන නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා.මිනිත්තු 129ක දාවන කාලයක් තියෙන කොරියානු චිත්‍රපටයක්. ෆිල්ම් එක පටන් ගත්ත වෙලේ ඉදන් එක දිගට බලන්න පුළුවන් කම්මැලි නැති සුපිරිම ෆිල්ම් එකක්.ඇක්ෂන් උපරිමෙන් තියෙනවා. චිත්‍රපටයෙ කතාව ගලා ගෙන යන්නේ ෂොක් හී කියන චරිතය වටාය. ඇය කුඩා කල සිටම මිනීමැරැම් වලට සම්බන්ධ වෙන ගැහැණියක්. ඇයව දකුණු කොරියානු බුද්ධි අංශයේන් අත්අඩංගුවට ගන්න අතර අවුරුදු 10කින් නිදහස ලබා දෙන්න එරට බුද්ධි අංශය පොරොන්දු වෙනවා. ඒ නිකං නම් නෙමෙයි ඇයගෙන් රහස් මෙහෙයුම් කිහිපයක් කර ගත් පසුව. බූද්ධි අංශයේ කදවුරෙ රදවන කොට ෂොක් හී ගැබ් ගෙන සිටියේ. පසුව බුද්ධි ...

Baadshaho (2017)

Image
            Baadshaho (2017)  ගීතාංජලී දේවි! රාජස්ථානය සිය රාජධානිය කරගත් රාජ්පුත් රාජ පරම්පරාවේ වර්තමාන අවසාන පුරුක… මහා රැජිණ වුනත්, වෙන්න දෙයක් තියෙනවා නම් ඒක වළක්වන්න බැහැ… ඇයගේ දෛවය ඇයට කුරිරු වුණා… රජය විසින් ඒකාධිපති පාලනයක් ආරම්භ කරනු ලැබුවා. රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවා. රට වැසියන් හේතුවක් රහිතවම සිරගත කරනු ලැබුවා. මේ ඒකාධිපති පාලනය රාජ්පුත් වංශයේ ගීතාංජලී දේවිය දෙසත් සිය උකුසු ඇස යොමු කරනු ලැබුවා… රජය ඇයට විරුද්ධව සිය බලතල යොදවා, ඇයව දණින් වැට්ටුවා… අභූත චෝදනාවක් නගමින්, ඇය සතු රත්‍රන් නිධානයක් රජයට පවරා ගත්තා. එතනින් නැවතුනේ නැහැ… ඇයව සිරගත කරනු ලැබුවා. රැජිණක් වුනත් ඇයත් ගැහැණියක්! ඒකාධිපති පාලනයකට එරෙහිව සියුමැලි ගැහැණියක් කුමක් කරන්නද? නමුත්, නොසිතූ විරූ පරිද්දෙන් රජයට එදිරිව කුණාටුවක් හැමුවා… කුඩා කාලයේ පටන්ම රජ මැදුරේ හැදී වැඩුණු, සිය පක්ෂපාතීත්වය ලෙයින් සලකුණු කරන ලද, ගීතාංජලී දේවියගේ පෞද්ගලික ආරක්ෂකයා, “භවානි සිං” සිය රැජිණ වෙනුවෙන් රජයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනු ලැබුවා. රාජස්තානයේ සිට දිල්ලිය දක්වා,  පැය අට...

The Osiris Child (2016)

Image
                        The Osiris Child (2016) චිත්රපටය තමයි The Osiris Child (2016).මෙකයි කථාව… මේක ඇත්තටම අනාගතයේ සිද්ධ වෙන සිදුවීමක්.මිනිසා ගොඩක් දියුණුයි.පෘථිවියෙන් එපිට ජනාවාස තනන්නට තරම් ඔවුන් දියුණුයි.ඒත් දියුණුව හොදට මෙන්ම නරකටත් හිටිනවා. පෘථිවියෙන් එපිට ලෝකයක සිරකදවුරක් තුල සිදුකරන විද්‍යාත්මක පරීක්ෂණයකින් මිනිසුන්ව දරුණු මෘගයන් බවට හරවනවා.ඔවුනට පිටතට නොයන්න ආරක්ෂිතව රදවලා තිබ්බත් සිරගෙදර සිටින සිරකරුවන්ගේ කැරැල්ලක් නිසා එම මෘගයින් නිදහස් වෙලා ජීවිත දේපල හැමදේම විනාශ කරන්න පටන් ගන්නවා. කරන්නට දෙයක් නැති තැන බලධාරීන් එම ලෝකය විනාශ කරන්න තීරණය කරනවා.ඔවුන්ගේ ෆොටිල්ලා නම් පාවෙන හමුදා කදවුරේ ඉන්න ගුවන් නියමුවෙකු වන ලුතිනන් කේන්ගේ දියණිය ජීවත් වෙන්නෙත් ඒ ලෝකයේ.ඉතිං මේ බලධාරීන් ඔහුට පැය  24ක් දෙනවා ඔහුගේ දියණියව බේරගන්න. ඒත් කේන්ට නොසිතූ දේකට මුහුණ දෙන්න වෙනවා.ඒ නිසාම ඔහුට උදව්වට කෙනෙකුත් ලැබෙනවා.කවුද ඒ?එයාගේ ජීවිත කථාව මොකක්ද?කේන් කොහොමද එයාගෙ දුවව බේරගන්නේ.ඒවට උත්තර ඕනෙනම් චිත්‍රපටය රසවිදින්නකෝ… සිංහල උපස...

Guardians of the Galaxy Vol 2 (2017)

Image
            Guardians of the Galaxy Vol 2 (2017) අපි ගොඩ දෙනෙක් ආසාවෙන් බලපු මාර්වල් කතාවක් තමයි Guardians of the galaxy කියන්නේ. මේ තියෙන්නේ ඒ කතා මාලාවේ දෙවෙනි නිකුතුව, එහෙමත් නැත්තන් Guardians of the galaxy vol 2. Chriss Patt, Zoe Saldana, Dave Bautista වගේ අපි දන්න කියන නළු නිළියන් රැසක්ම රංගනයෙන් දායක වන මේ චිත්‍රපටයට Imdb දර්ශකයේ ලකුණු 8ක් වගේ හොඳ අගයක් ලැබිලා තියෙනවා. කතාව පැත්තට හැරුනොත් මේ තියෙන්නේ පීටර් ක්විල් සහ ඔහුගේ කණ්ඩායමේ තවත් වික්‍රමයක්. මෙච්චර කල් අනාථයෙක් වගේ හිටි පීටර්ට අහම්බෙන් වගේ තමන්ගේ සැබෑ පියා ව මුණගැහෙනවා. ඒ තනිවම නෙමෙයි තවත් අද්භූත චරිතයක් එක්ක. මේ කතාව ගෙත්තෙන්නේ මේ සිදුවීම වටා. හබැයි මේක විතරක්ම නෙමෙයි, මේ සිදුවීම මැදි කරගෙන තවත් ත්‍රාසය, හාස්‍ය පිරුණු සිදුවීම් රැසකින්ම මේ කතාව සම්පූර්ණ වෙලා තියෙනවා. මුල ඉඳන් අන්තිම වෙනකල් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් සළරුවක් කියලා බය නැතුව කියන්න පුලුවන් කතාවක් කියලා බය නැතුව මේ කතාව හඳුන්වන්න පුලුවන්. එහෙනම් තව විස්තර නැතුව කතාව බලලාම ඉමු. තවත් අලුත් චිත්‍රපටියක් එක්ක ආයෙම හමුව...

Guardians of the Galaxy (2014)

Image
                         Guardians of the Galaxy (2014) මේ කතාව තනිකරම ෆැන්ටසි සිද්ධි වලින් පිරිලා තියෙන්‍ නේ. මොකද චිත්‍රපටයේ හඳුන් වන, මන්දාකිනිය හා පෘථීවිය අයිති සක්වල අපි සාමාන්‍යෙන් දකින විදිහ නෙවෙයි, මෙහි බලය ලබාගන්නේ විවිධ ග්‍රහ ලෝක වල ලොක්කන් අතර ඇතිවන ගැටුම් වල ජයග්‍රහන මගින්. අපේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන පීටර ක්විල් පෘථීවියේ මනුෂ්‍යෙයක්. ඔහු පොඩි කාලේ සිටියදී දවසක් යම් කිසි ආකාශ වස්තුවක් ඇවිත් ඔහු අරගෙන යනවා. ඒ පිටසක්වල යානයකින්. ඉතිං ඔහු ලොකු වුනාම මන්දාකිනියට අයිති විවිධ වටිනා වස්තූන් සොරකම් කරගෙන මුදල් උපයන කණ්ඩායමක තමයි ජීවිතය ගත කරන්නේ. මේ අතර ඔහු සොරකම් කරපු එක්තරා බෝලයකට හැමෝම ඉල්ලුම් කරන්න ගන්නව. හැම ලොක්කෙක්ම ඒක හොයන්නෙ ඇයි කියලා ඔහු බලද්දි තමයි සිද්ධිය තේරුනේ. ඉතිං අපි බලමු මොකක්ද මේ වටින බෝලය කියලා. මන්දාකිනියේ ආරක්ෂකයෙක් වෙන්න ඒ බෝලය කෙතරම් වැදගත් වෙනවද කියලා බලමු සිංහල උපසිරැසි මෙතනින් බාගන්න Torrent File එක මෙතනින් බාගන්න

Transformers The Last Knight 2017

Image
                      Transformers The Last Knight 2017 පෘථිවිය ට්‍රාන්ස්ෆෝමර්වරුන්ට තහනම් කරලා. මිනිසුන් විසින් ට්‍රාන්ස්ෆෝමර්වරුන්ව දඩයම් කිරීමක් සිද්ධ කරගෙන යනවා.ඒ සදහා වෙනම හමුදා බලකායක්ද පිහිටුවලා තියෙන්නේ. ඔප්ටිමස් ප්‍රයිම් පෘථිවියෙන් යන්න ගිහින් තමන්ගේ නිර්මාපකයන්ව හොයාගෙන. ඔය අතර කේඩ් යේගර් බම්බල් බී සමගින් එකතුවෙලා ට්‍රාන්ස්ෆෝමර්වරුන්ගේ ජිවිත බේරගන්නවා. මෙවර කතාව දිවෙන්නේ අතීත සිදුවීමක් සම්බන්ධ කරගෙන. එනම් අතීතයේදී ආතර් රජු සමයේ මායාකාර මර්ලින් හට ට්‍රාන්ස්ෆෝමර්වරු 12 දෙනෙකුගෙන් හිමි වෙනවා යම් බලගතු යෂ්ටියක්. මේ යෂ්ටියේ රහස මර්ලින්ගේ මරණය සමග වැළලී යනවා. මේ යෂ්ටිය සොයාගැනීමට ඩිසෙප්ටිකොන්වරු ද මහත් පරිශ්‍රමයක් දරනවා. තම නිර්මාපකයාව සොයාගෙන යන ඔප්ටිමස් ප්‍රයිම්ට දැනගන්න ලැබෙනවා සිය නිර්මාපකයා ක්වින්ටෙසා නම් දුෂ්ට දෙවගනක් වග.ඇය පවසන ආකාරයට පෘථිවියට තවත් නමක් තිබෙනවා. ඒ නම තමයි යුනික්‍රෝන්. ඉතින් පේන විදිහටනම් මේ යුනික්‍රෝන් කියන්නේ සයිබර්ට්‍රෝන්වල පරම හතුරා කියලා තමයි හදුන්වන්නේ. ඇයගේ අභිප්‍රාය යෂ්ටිය ලබාගෙන පෘථිවි...

Pirates Of The Caribbean Dead Men Tell No Tales 2017

Image
                     Pirates Of The Caribbean                   Dead Men Tell No Tales 2017 ජැක් ස්පැරෝ... ඒ කියන්නේ ජොනී ඩැප් නොවෑ..දන්නවනේ ඉතිං මිනිහගේ ෆිල්ම්ස් ..පයිරට්ස් ගැනත් වැඩි විස්තරයක් මං කියන්න ඕනේ නෑනේ...ජැක්ගේ අතීත කතාව කිව්වොත් මම හරි.. ජැක්ට මේකේ ජම්මාන්තර වෛයිරක්කාරයෙක් ඉන්නවා..මේකෙන් එයාට තියෙන එකම ගැලවීම තමයි..පොසේයිඩොන් දෙවියන්ගේ(මුහුදට අධිපති දෙවියන්) ත්‍රීශුලය..මේක හොයාගෙන ජැක් එක්ක තව දෙන්නෙක් යනවා.. තව මේකේ තමයි මුළු මුහුදෙම බලය තියෙන්නේ. මේක හොයාගන්න එක ලේසි වෙන්නේ නෑ.. මොකද මෙතනට යන්න තියෙන සිතියම කිසිම කෙනෙකුට කියවන්න බෑ.. එහෙනම් කවුද මේක කියවලා අකුරු බැරි ජැක්ට ත්‍රීශුලය හොයාගන්න උදව් කරන්නේ.. අනික මේ ත්‍රීශුලය ඕන කරන්නේ ජැක්ටම විතරක් නෙමේ..එහෙනම් ඉතුරු හරිය බලලම දැනගන්නකෝ.. සිංහල උපසිරැසි මෙතනින් බාගන්න Torrent File එක මෙතනින් බාගන්න

The Fate Of The Furious (2017)

Image
                           The Fate Of The Furious (2017)  The Fate of the Furious තමයි 8 වෙනි චිත්‍රපටයේ නම. මේක ටිකක් විශේෂයි මොකද පෝල් වොකර්ගේ (බ්‍රයන්ගේ) මරණයට පස්සේ එන ඔහුගේ චරිතය නැති චිත්‍රපටය මේක නිසා. වෙනද වගේම ක්‍රියාදාම වලින් මේක පිරිලා තියෙන්නේ. ඒවගේමයි විහිළුත් ගොඩක් තියනවා. විහිළු දෙබස්, අපහසයට කතා කරන නම්, උපමා ගොඩක් තිබුණ නිසා ටිකක් කාලය වැඩිපුර ගියා. මේකෙ උපසිරස ඉවර කරන්න. ඒව ටිකක් පරිවර්තනය කරන්න අමාරුයිනේ. බ්‍රයන් නැති හින්දා ඩොම්ගේ චරිතය වෙනදට වඩා ගොඩක් කැපිලා පේනවා කියලා තමයි මට නම් හිතුනේ. මොකද වෙනද කණ්ඩායමේ බර දෙන්නා අතර බෙදිලා යනවනේ. කොහොම වුනත් කණ්ඩායමට එකතු වෙන අලුත් අයත් අයත් එක්ක ඒක ඊළගට එන චිත්‍රපට වල හරියාවි. බ්‍රයන්ට තිබුණේ පවුල එක්ක බැඳුණු බැඳීම් තියන චර්තයක්නේ. ඒත් බ්‍රයන්ගේ නැතිවීමත් එක්ක ඒ බැඳීම් ඩොම්ට ලබාදෙන්න යනවා කියලා තමයි මට නම් හිතුනේ. ඇක්ෂන් ගැන නම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ මොකද ඇක්ෂන් ලෝකයේ ඉන්න සුපිරිම තට්ට්යෝ තුන්දෙනා මේ චිත්‍රපටියේ රඟපානවනේ.චිත්‍රපට මාලාව...

The Adventurers (2017)

Image
                 The Adventurers (2017)  හොරකම් කියන්නේ වර්තමාන ලෝකයේ අතිශය සුලභ දෙයක්. හැබැයි, කෞතුකාගාරයකින් හොරකම් කරනවා කියන්නේ නම් බොහොම විශේෂ සිදුවීමක්. මොකද, කෞතුකාගාර වල ප්‍රදර්ශනය සඳහා තියෙන්නේ බොහොම පෞරාණික සහ මිල කළ නොහැකි වටිනාකමකින් යුතු දේවල්. ඒ නිසාම, කෞතුකාගාරයකින් හොරකම් කරලා කියල ආරංචියක් ලැබුනාම ඕනෙම කෙනෙක් සහජයෙන්ම විමසිලිමත් වෙනවා. ලූවර් කෞතුකාගාරයේත් මේ වගේ හොරකමක් සිදුවෙනවා. හොරකමට භාජනය වෙන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. “ අඩවියේ ඇස ” යනුවෙන් හැඳින්වෙන්නා වූ අතිශය පෞරාණික සහ අතිශයින්ම වටිනාකමක් සහිත මාලයක්. නමුත්, කිලෝමීටර් දහඅටක් තිස්සේ අපරාධකරුවා පසුපස හඹා යන්න වූ පොලීසිය, කෙසේ හෝ මෙම අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට සමත් වෙනවා. මේත් සමගින්, අදාළ පුද්ගලයාව වසර පහකට බන්ධනාගාර ගත කරනු ලබනවා. ඉහත සඳහන් කරන ලද මාලයේ තවත් සුවිශේෂීතාවයක් තිබෙනවා. “ අඩවියේ ඇස ” යනුවෙන් හඳුන්වන්නා වූ, ඉහත හොරකම් කිරීමට උත්සාහ දරන ලද මාලය, කොටස් තුනකින් සමන්විත, කිසිසේත්ම මිල කල නොහැකි මාලයකට අයත් එක කොටසක් වෙනවා. “ අඩවියේ   ...

King Arthur Legend of the Sword (2017)

Image
King Arthur Legend of the Sword (2017)  ආතර් රජ්ජුරුවන්ගේ කතාව. පොඩි කාලෙ ඉඳන් කාටුන් වලින් මෑතකදී මර්ලින් කතාමාලාව තුළින් අපිට දැක ගන්න ලැබුනා.. ගලකින් කඩුව ඇදලාගත්ත ඒ ආතර් රජ්ජුරුවන්ගේ පුරාවෘතය ඇසුරෙන් තැනුනු නවතම චිත්‍රපටය තමයි අද මේ විදියට අරගෙන ආවෙ. මම හිතන්නේ ආතර් රජතුමාගේ කතාව ගැන හැදුනු හොඳම චිත්‍රපටය මේක. imdb අගය 7.3ක් වෙනවා. පරිගණක වලින් සජීවීකරණය කළ සතුන් එහෙම ඉතාම ඉහළ මට්ටමේ තියනවා.චිත්‍රපටයේ කතාව ගැන නම් කියන්න යන්නේ නෑ. මොකද ආතර් රජ්ජුරුවන්ගේ කතාව ගැන දැනටමත් ඔයාලා දන්නවා ඇති හැබැයි මේක ටිකක් විතර අපි කලින් දැකලා තිබුණු කතා වලට වඩා වෙනස්. නළු නිළියන් එහෙම සුපිරියටම රඟපානව කියලා කියන්න පුළුවන්. මර්ලින්, ආතර්ගේ පියා යූතර් යූතර්ගේ සහෝදරයා වට මේසයේ නයිට්වරුන් සියල්ල මේ කතාවෙත් ඉන්නවා. සිංහල උපසිරස මෙතනින් බාගන්න Torrent File එක මෙතනින් බාගන්න

The Mummy 2017

Image
                            The Mummy 2017 කතාවට පාදක වෙන්නේ ඊජිප්තු මමියකට නැවත පණ ඇවිත් මිනිස් වර්ගයා වනසන්න ගන්න උත්සාහය ගැන. ඊජිප්තුව ගැන මමී ගැන අපි ගොඩක් කතා අහලා කියවලා තියනවනේ.ඔවුන් විශාල පිරමීඩ ඉදිකර ආකාරය, එයට සුදුසු බිමක් සොයාගත් ආකාරය, එය තුලට ස්වභාවික අලෝකය අරගෙන තිබෙන ආකාර ඔවුන්ට කෙතරම් දියුණු ඉංජිනේරු ශිල්ප හැකියාවක් තිබුණේද යන්නට හොඳ නිදසුනක්. අද වගේ දියුණු තාක්ෂයක් නැති කාලයක ඔවුන්ගේ එම නිර්මාණ සිදු කල ආකාරය අදටත් අභි රහසක්. ඔවුන් පැරණි රජවරුන්ගේ රැජිනියන්ගේ ශරීර මමී බවට පත් කර තිබෙනවා එය ඔවුන්ගේ වෛද්‍ය විද්‍යාව ගැන අදහසක් ගන්න පුළුවන් දෙයක්.  සිංහල උපසිරස මෙතනින් බාගන්න Torrent File එක මෙතනින් බාගන්න